ඩලස්ලා,
බණ්ඩලා කඩේ යන ලෝක ධනවාදයේ අර්බුදය පසුගිය
දවස්වල පැවැත්වුණ පෙළපාලිවලින් පෙන්වන එක දෙයක් තමා ජනතාවගේ ආණ්ඩු විරෝධී
හැඟීම් දැන් ඇවිස්සිලා බව. යුද්ධයේ ජයග්‍රහන ගැන කියල, කොටි සංවිධානය අඩපණ
වුණ බව කියල ආණ්ඩුව ලබාගත්ත හයිය අඩු වේගන යන බවයි මෙයින් පෙනෙන්නේ. ජනරාල් සරත්ට දිගට දිගට පහර ගහන එක ගැන ආණ්ඩුවට හිතවත් අය තුළත්, හමුදා තුළත්, උන්නැහේලාගේ ගම්පලාත්වලත් ලොකු අප්‍රසාදයක් ඇති වෙමින් තියෙනවා. ඒ ඇතුළට ජනතාව තුළ තිඛෙන අනෙකුත් වේදනා ඇතුල් වෙන බවයි පෙනෙන්නේ. බඩගින්න වැඩි වෙනව, වියදම වැඩි වෙනවා, ආදායම් අඩු වෙනවා. මේ සියලූ ප්‍රශ්න දැන් මේ රැල්ල තුළට ඇතුල් වෙන්න පටන් අරන්. ඒ අතර S B දිසානායක උන්නැහේ තරුණයන්ට දිරව ගන්න බැරි විදියටම වැඩ කරල දැන් හැම සරසවියක්ම ඇවිස්සිලා තියෙන්නේ. ඇත්තටම සරසවි තුළ යම් යම් බේද ඇති වෙලා සිසුන් අතර දේශපාලන ගැටුම් ඇති වෙමින් තිබුණේ. ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ මත ඇති ශිෂ්‍ය කණ්ඩායම් ක්‍රියාකාරී වේගන එන කොටම දිසානායක පටන් ගත්තා කටකයිවාරු ගහන්න. ගමේ ඉඳල සරසවි ඇවිත් ඉහළට නැගල ගම අමතක කරපු විලාශයට තමා මේ මනුස්සයා කථා කරන්න පටන් ගත්තේ. ඇත්තටම මෙච්චර කල් පුද්ගලික සරසවි හොරෙන් හොරෙන් ඇති වෙමින් තිබුණට එළිපිට ගෙනියන රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට ඒකට පිළිගැනීමක් තිබුණේ නැහැ. ඇත්තටම සරසවි 80 විතර මේ විදියට ක්‍රියාත්මක වෙනව කියල එළිදරව් කළෙත් දිසානායක ඇමතිමයි. දැන් ඇමතිතුමා කියන්න පටන් ගත්ත පුද්ගලික සරසවි ඇති කිරීම හා ඉංග්‍රිසි වලින් හැම සරසවියකම ඉගෙනීම රාජ්‍ය ප්‍රතිපත්තිය කියලා. මේක බලපුළුවන්කාරකමට කරපු කථාවක් වගේ. ඇත්තටම ඉංග්‍රීසි කථා කරන ඉහළ පැලැන්තිය වෙනුවෙන් අධ්‍යාපන බලතල අතට ගැනීමක් වගේ තමා කථා කළේ. මිලින්ද මොරගෙඩ හරි ජී.ඇල්. පීරිස් හරි ඔහොම කථා කළා නම් සරසවි සිසුවන්ට මල පනින එකක් නෑ. මේ ගමේ ගැටපොළොස් මාළුව කාපු එකා උජාරුවට පුද්ගලික ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන කයිවාරු ගහන කොට යකා නගින එක අහන්න දෙයක් නෑ. එයින් වුණේ සිසුන් අතර ඇති වෙලා තිබුණ මත ගැටුම පැත්තකට විසි වෙලා ඒ අය ඔක්කොමලා ගින්දර වගේ එළියට පනින එකයි. විපකෂයේ අයට මේක නම් කියලා කරවගන්න බැරි පඩත්තල වැඩක්. එක් අතකින් ෆොන්සේකා හැමදාම උසාවි ඇදගෙන යාම. අනෙක් අතට දිසානායකගේ කුල්ටූර් කයිවාරුව එකට දැම්මහම පුදුම ගින්නකට තමයි ඉඩ පාදලා දුන්නේ. මේව මොළෙA නැතිව කරන දේවල් කියල හිතන්න බැහැ. මේ අයට එහෙම අඩුපාඩුවක් නෑ. ඇත්තටම ගෝලීය බලවතුන්ගේ ආධාර උපකාර අරගෙන උන්ගේ උසිගැන්වීම උඩම එන ඇත්ත බලගැන්වීමක් මෙතන තියෙන්නේ. මේක බොරුවට ගොනාට ඇන්දූ වැඩක් නෙවෙයි. ඇත්තටම මේ පාලකයෝ ෙජ්.ආර්.ගේ අතිජාත පුත්තරයෝ විදියට තමා දැන් වැඩ කරගෙන යන්නේ. රනිල් දැන් නිකම් ගම් බට්ටෙක් ගානට වැටිලා. මුන්නැහේලා තමයි දැන් විදේශ බලවේග වෙනුවෙන් ඉන්න නියම ඒජන්තවරු. යූ.ඇන්.පි.ය මෙතෙක් නියෝජනය කළ පංතිය තමා වඩා හොඳින් මේ අලූත් කුල්ටූර්කාරයෝ නියෝජනය කරන්නේ. ඒ උඩ තමා ඩලස් අලහප්පෙරුමලා, හඟ=රන්කෙත බණ්ඩලා දැන් ලෝඩ් බයිරන්ලා වගේ කථා කරන්න පටන් අරන් තියෙන්නේ. මන් කියන්නේ නෑ ලොකුවට රට පුරාම ජනතාව නැගිටින්න පටන් අරන් කියලා. නෑ, තාමත් සෑහෙන පිරිසක් බලාගෙන ඉන්නවා යමක් තමන්ට කරල දෙයි කියලා. විශේෂයෙන් රැකියා ප්‍රශ්නය ගැන බලාපොරොත්තු ඇති අය ඉන්නවා අලූත් සංවර්ධනය තුළ රජයේ අංශ වලින් රැකියා ලබාගන්න බලාගෙන. මේවා බිඳ වැටෙන කොට තමා ලොකුවට වීදි සටන් ඇති වෙන්නේ. ඒකට තව කලක් ගත වේවි. මේ ආණ්ඩුවේ සංවර්ධන වැඩවලින් වෙන්නේ ෙජ්.ආර්.ගේ සංවර්ධනයටත් වඩා ලොකු එකා ලොකුමහත් වෙලා, නැති එකා නැති භංග වීමවීම කියලා අපි කිව්වට වැඩක් නෑ. මොකද? ජනතාව බලාගෙන ඉන්නවා ඒකේ ඇත්ත නැත්ත තමන් එළිපිටටම එනකල්. ගම්බද ජනතාවට තාම හිතාගන්න බෑ මේ මොකක්ද වෙන්නේ කියලා. මොකද, ගමේ ගොඩේ එකට හැදුන, "චූටිල, මහතුන්ල, ලොකු අයියලා, බේබිලා" බලයට ඇවිත් රෝයල්, තෝමියන් නැත්නම් ඔක්ස්පර්ඩ් කාරයෝ වගේ ඇඟට කපයි කියලා කවුද හිතන්නේ. ඉස්සෙල්ලා හිතන්නේ මේ විහිළුවට කියනව කියලනේ. වැඩේ ගැස්සිලා ඇඟටම එනකොට තමා කාටත් ඌරුජුවල් යන්නේ, මේ මොකාටද එන්න හදන්නේ කියලා. හුඟ දෙනෙක් හිතන්නේ ලොකු කොම්පැණි ඇවිත් අයෝජන කළොත් කර්මාන්ත විප්ලවයක් ඇති වෙලා රට ඉස්සරහට යනව කියලා. විශේෂයෙන්ම අලූත්ම තාකෂණයක් තුළින් ඒ විදියට දියුණු වෙනව කියල හිතනවා. ඒත් දැන් දියුණු රටවල්වල අර්බුදයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේත් ඉහළ තාකෂණය යෙදීමෙන් ඇති වන විශාල භාණ්ඩ නිෂ්පාදනයත්, සමාන්තරව ඇති වන රැකියා හිඟයත්. මොකද? නූතනම තාකෂණය යෙදීමේදී මිනිස් ශ්‍රමය ඕනෑ වෙන්නේ ඉහළ දැනුවත් කීප දෙනෙක් හැටියට විතරයි. ඒ අනුව ලොකු පඩි දෙන කීප දෙනෙක් යොදවල විශාල නිෂ්පාදනයක් ඇති කරන්න පුළුවන්. එතකොට ඒ භාණ්ඩ ලෝකය පුරාම විකුණන්න ඕනෑ. අනෙක් අතට බඩු ගන්න රැකියා ඇති පුද්ගලයන් ගණන වැඩි කරන්නත් ඕනෑ. ඒත් ඇත්තටම රැකියා විරහිත වීම වලක්වන්න බෑ. ඇමරිකාවෙත් විශාල පිරිසක් තාමත් රැකියා නැතිව ඉන්නවා. මේ නිසා භාණ්ඩ විකිණීම හිර වෙනවා. මේ අර්බුදයේ එක් ප්‍රධාන කරුණක්. දැන් ලංකාවේ ඇඟලූම් පිටරට ඇරීම සඳහා වඩා ඉහළ තාකෂණයක් යොදන්න කියල තිස්ස විතාරණ කියල තියෙනවා. The higher the application of high tech, the greater, the nation's export competitiveness will be. ඒ අනුව ඉහළ තාකෂණය යොදල ලාභ රේට්ටුව අඩු කරගෙන විශාල භාණ්ඩ තොගයක් එක පාරට හදල පිටරට යවන්න ඕනෑ. මේ තරම් මෝඩ අදහසක් තවත් නෑ. අපි කරන්න ඕනේ ඕකේ අනිත් පැත්ත. අපි හැකි පමණ නිර්මාණශීලී අය රැකියාවට අරන් විවිධත්වයන් ඇති බඩු හදල පිටරට යවන්න බලන්න ඕනෑ. උසස් මට්ටමේ බඩු හදල ඒවාට වෙළෙඳපොලක් හදාගන්නව මිසක, වඩා ලාභෙට කසිකබල් බඩු විශාල වශයෙන් හදල වෙන වගතුවක් නෑ. ලින්ක් ඇෆරල් අධිපති රුහුණගේ මෙහෙම කියල තියෙනවා. ~~....බංග්ලාදේශය, චීනය ආදී වශයෙන් වූ ඇඟලූම් නිෂ්පාදනය කරන වෙනත් රටවල් වලට වඩා හොඳ නිමාවකින් යුතු ඇඳුම් අපේ රටේ නිෂ්පාදනය වන බවට ලෝකයේම පිළිගැනීමක් තිඛෙනවා. ඒ නිසා අපේ ඇඟලූම් නිෂ්පාදනවලට තිඛෙන ඉල්ලූම නැති වෙලා නෑ~~ මෙයින් පෙනෙනවා ඉහළ ස්වයංක්‍රීය තාකෂණය තුළින් මානව සංහතියටම ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ විවිධත්වය වැඩිවීමෙන් හා ඉහළ නිපැයුම්වලට බැසීමෙන්. ඒ අනුව සේවක පිරිස් හිතූලෙසට අඩු කරන්න බෑ. අනෙක් අතට බඩු ගන්න පිරිස අඩුවෙන්නෙත් නෑ. මේ අනුව බහුජාතික සමාගම්වලින් ඇති කරන අධිතාකෂණ විප්ලවය ලෝකයට ගැලවුමක් කියල හිතන එක මෝඩ කමක්. සියලූ දෙනාටම යහපතක් වෙන, පරිසරයට ගැලපෙන, බලශක්තිය නිසි ලෙස යොදන, ආහාර නිෂ්පාදනය ආරකෂා වෙන වැඩපිලිවලක් ගැන නොසිතා නූතන තාකෂනණය ගැන බොරු වල්පල් දෙඩවීම ලෝක ප්‍රශ්නයක්. |